Friday, September 20, 2024

බිත්තර මාෆියාව පාලනය කරන්න ආණ්ඩුවට හැකිද ?

Must read

විදුලිය මෙන්ම බිත්තරද මේ දිනවල වැඩිදෙනෙකුගේ කථා බහට ලක්ව ඇති මාතෘකා බවට පත්ව තිබේ.
විශේෂයෙන්ම උත්සව සමය තුලදි බිත්තර මිළ පෙර නොවු විරු තරමින් ඉහල ගොස් තිබුණි.

දැන් බිත්තරක මිළ රු 65 ක් පමණ වි ඇත.

මේ අතර බිත්තර සම්බන්ධයෙන් ඇති ගැටළුව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයට ගොස් තිබුන අතර මෙයට විසදුමක් බිත්තර ආනයනය කිරිමටද අනුමැතිය ලැබි තිබුණි.

කෙසේ වෙතත් පවතින බිත්තර ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.
 බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බවද  සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කර තිබුණි
කෙසේ වෙතත් දිගින් දිගටම බිත්තර මිල ඉහළයාම වැළැක්වීමට බිත්තර ආනයනය සඳහා ඊයේ  (02) කැබිනට් මණ්ඩල හමුවේ දී එකඟතාවය පළකර තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ පවතින බිත්තර ගැටලුව පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකළ බවය.
බිත්තර මිල පාලන ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article