![](http://citizenpostlk.com/wp-content/uploads/2022/03/DSC_0050.jpg)
වර්තමානයේ ආසියාවේ ඉහළම සිනමා උලෙළක් ලෙස සැලකෙන ඉන්දියාවේ බැංගලෝර් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියාතික චිත්‍රපටය ලෙස කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල සම අධ්‍යක්ෂණය කළ ද නිව්ස්පේපර් චිත්‍රපටය සම්මාන දිනා ඇත.
![This image has an empty alt attribute; its file name is DSC_0235.jpg](http://citizenpostlk.com/wp-content/uploads/2022/03/DSC_0235.jpg)
2020 හා 2021 යන දෙවර්ෂය සඳහාම මෙවර බැංගලෝර් උලෙළ සම්මාන ප්‍රදානය කළ අතර එහි අන්තර්ජාතික තරග අංශය පැවැත්වූයේ ආසියාතික චිත්‍රපට සඳහා ය.
බැංගලාරු උලෙළ අන්තර්ජාතික ඉහල සම්මාන උලෙළක් ලෙස අන්තර්ජාතික සිනමා උත්සව ෆෙඩරේෂනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ වසරේ වන අතර එහිදී මුල්වරට සම්මාන දිනා ගැනීමෙන් බැංගලෝර් උලෙළේ දී ද නිව්ස්පේපර් චිත්‍රපටය නොබිඳිය හැකි වාර්තාවක් තබා ඇත්තේය.
ද නිව්ස්පේපර් ආචාර්ය බන්දුල ගුණවර්ධන සිව් වන නිෂ්පාදනය වන අතර ඔහු එයට පෙර දෙවතාවක්ම එනම් සුද්දිලාගේ කතාව හා සිරිමැදුර උදෙසා හොඳම නිෂ්පාදක ලෙස සරසවිය සම්මාන දිනා ගත්තේය. සිය මුල්ම හා දෙවැනි චිත්‍රපට උදෙසා සරසවිය සම්මාන දිනා ගත් එකම නිෂ්පාදක ද ආචාර්ය බන්දුල ගුණවර්ධනය.
.sarasaviya.lk