Saturday, September 21, 2024

බහු වාර්ගික ක්‍රිවිධ භාෂා පාසලක් පොලොන්නරුවට.

Must read

2b848390baa76cf8a3a02c399e26d01a_L
බහුවාර්ගික හා ත්‍රිවිධ භාෂා පාසලක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට ශ්‍රීලංකාව හා ඉන්දියාව අවබොධතා ගිවිසුමක් අත්සන් කර ඇත. ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංග් සංධූ මහතා හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අතර මෙම ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සිදුවිය. එම අවස්ථාව සදහා රජයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගී වු අතර ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී රන්ජන් ධර්මවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී විය.
ඉන්දීය රජය විසින් ප්‍රධානයක් ලෙසින් ලබා දුන් රුපියල් මිලියන 300ක් වියදමින් මෙම පාසල ඉදි කිරීමට නියමිත අතර විද්‍යාගාර ,පුස්ථකාල වැනි පහසුකම් රැසකින් මෙම පාසල සමන්විත වේ.
සිංහල,දමිල හා මුස්ලිම් සිසුන්ට බහු ආගමික හා බහු සංස්කෘතික වටපිටාවක් අධ්‍යාපනය හැදෑරීමට මෙම පාසල මගින් හැකියාව ලැබෙනු ඇත.ශ්‍රීලංකාවේ සංහිදියාව ප්‍රවර්ධණය හා ශක්තිමත්කිරීම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙලට මෙම පාසල විශාල සහයෝගයක් වනු ඇතැයි බලාපොරොත්තු වේ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article