පොර්ට්සිටි හෙවත් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වගඋත්තරකාර පාර්ශවයන්ට ලබන දෙසැම්බර් මස 13 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.
සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමට අභියාචානාධිකරණය පසුගිය දා තීරණය කළේ ය.
අදාල නියෝගය කළේ, අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල විසිනි.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සමෙන් දක්වා ඇත්තේ, ව්‍යාපෘතිය මගින් මුහුදු වෙරළ, මත්ස්‍ය සම්පත හා කොරල්පරවලට විශාල හානියක් සිදුවන බව ත් ශ්‍රී ලංකා වරාය අධිකාරී පනතට අනුව එවැනි ව්‍යාපෘතියක් සඳහා ඉඩම් බදු දීමට නීතිමය අයිතියක් රජයට නොමැති බවයි.
Save