Wednesday, November 27, 2024

පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මහින්දගේ හා පිරිසගේ මන්ත්‍රීධූර අහෝසියි.

Must read

(9.30AM) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගත් විට පක්ෂය තුල ඔහු දැරූ තනතුරු අතුළුව ඔහුගේ සාමාජිකත්වයද අහෝසි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවද පියසේන ගමගේ මහතා සදහන් කරයි.මහින්ද රාජපක්ෂ හා මන්ත්‍රී කණ්ඩායමට තවදුරටත් පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැතිබවද ඔහු කියා සිටියි.

පියසේන ගමගේ මහතා අවධාරණය කර සිටින්නේ පක්ෂ දෙකේ මහලේකම්වරු දෙනො මේ අවස්ථාවේදී තමන්ගේ  වගකීම් නිසි ලෙස ඉටුනොකරන්නේ නම් අධිකරණය වෙත යෑමට කටයුතු කරන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article