Friday, September 20, 2024

පොලීසියට සොයාගත නොහැකි වූ රවී අභියාචනාධිකරණයෙන් මතුවෙයි

Must read

පසුගිය දින කිහිපයක් පුරා ශ්‍රී ලංකා රජයට මෙන්ම ශ්‍රී ලංකා පොලීසියටද සොයා ගත නොහැකිව සිටි හිටපු අමාත්‍ය රවී කරණානායක මහතා අද (13) අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.ඒ අද පස්වරු 4.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට අභියාචනාධිකරණයෙන් සිදුකල නියෝගයකට අනුවය. රවී කරණානායක, අර්ජුන් අලෝසියස් හා තවත් දෙදෙනෙකුට මෙලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.
මොවුන් 4 දෙනා විසින් ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු අවලංගු කරන ලෙස අධිකරණ නියෝගයක්  ඉල්ලා යොමුකල රිට් අයදුම්පත් අද පෙරවරුවේ සලකා බැලීය

පෙත්සම්කරුවන් 4 දෙනාට එරෙහිව කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙස අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ.අභියාචනාධිකරණය මෙම නඩුව වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article