Saturday, September 21, 2024

පොලිසියේ මැදිහත්වීමෙන් තීලිපන් සමරුවට එරෙහිව උසාවි නියෝගයක්..

Must read

ඉන්දියන් හමුදාවට එරෙහිව උපවාස කොට මිය ගිය තීලිපන්ගේ 33වන සමරුව යාපනය නල්ලුර් කොවිල අසලදි අද ආරම්භවිමට නියමිතව තිබුණි.එහෙත් පොලිසිය මැදිහත්විමෙන් උසාවි නි⁣යෝගයක් ලබාගනිමින් අද තිලිපන් සමරුව පැවැත්විම බාධා පමුණුවා තිබේ.යාපනයේ රියෝ අයිස්ක්‍රීම් හල අසල ස්ථාපිත කොට තිබු තිලිපන් සමරු පිළිරුවද ඊයේ රාත්‍රියේ පොලිසිය විසින් ඉවත් කොට තිබේ.1987 සැප්තැම්බර් 15වෙනිදා යාපනයේ නල්ලුර් කෝවිල අසලදි උපවාසය ආරම්භ කර තිබුණි.දේශපාලන අරමුණක් මුල්කොට ගෙන උපවාස කොට මිය ගිය එකම කෙනා ලෙස තීලිපන් ඉතිහාසගතව තිබේ. උපවාසය ආරම්භ කොට දින 11කට පසු සැප්තැම්බර් 26 වෙනිදා ඔහු මිය ගියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article