Monday, December 23, 2024

පොලිකන්දිහි විශාල ළිඳක් කඩාවැටෙයි

Must read

   යාපනය පරුත්තුර ප්‍රාදේශීය සභාවට අයත් දකුණේ පොලිකන්ඩි ප්‍රදේශයේ පිහිටි ළිඳක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ හදිසි කලබලයක් හටගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු වලට අනුව

පොලිකණ්ඩි දකුණ ජේ/395 ගම්සේවා වසමේ වීරපත්‍රර් විහාරස්ථානය අසල ඊයේ පෙරවරුවේ ඇති වූ මෙම සිද්ධියෙන් පසු ඒ ආසන්නයේ ඉඩම්වල සහ තාප්පවල පිපිරීමක් ඇති විය. ප්‍රදේශයේ මිනිසුන්ට ඉතා සමීපව පන්සලක් සහ නිවසක් දක්නට ලැබේ.

ප්‍රදේශවාසීන්ගෙන්  ලද තොරතුරක් මත පරුදිතුර ප්‍රාදේශීය සභාවේ අතිරේක ලේකම් කම්සනාදන් මහතා ඇතුළු නිලධාරීහු එම ප්‍රදේශයට පැමිණ තවදුරටත් ප්‍රදේශයේ විපතක් සිදුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගත්හ.

ඊයේ පෙරවරුවේ ප්‍රාදේශීය සභාවේ වාහන සමඟ ගිය සේවකයන් දස දෙනෙකුට වැඩි පිරිසක් රාත්‍රිය වනතුරු බර වාහනවලින් පස් ගෙනැවිත් දමා පොහොර මලුවලට පස් දමා වැස්ස එම ප්‍රදේශයට ඇතුළුවීම වැළැක්වීමට විවිධ වැළැක්වීමේ ක්‍රියාමාර්ගවල නිරත වූහ.

ප්‍රදේශයට නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ළිඳ සහ ඒ ආසන්නයේ පිහිටි නිවස සහ විහාරස්ථානය කඩාවැටුනහොත් මහජන ජීවිතවලට අනතුරක් පවතිනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව වහා අවධානය යොමු කළ හැකිව තිබූ රාජ්‍ය නිලධාරීන් වහා එම ප්‍රදේශයට නොපැමිණි බවට ප්‍රදේශවාසීහු සිය අප්‍රසාදය පළ කළහ.

 

ඒම්.මදිවානන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article