Sunday, September 22, 2024

පොදුජන පෙරමුණේ අත්තනගල්ල නාමයෝජනා අවලංගුයි ?

Must read

d907a56326358b63cfc396389999743d_XL

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු කරමින් “රිට්‌” ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලමින්  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු තිදෙනෙක්‌ ඊයේ (5 )ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කර ඇත.

එම පෙත්සම මගින් එක්‌ අපේක්‍ෂකයකු එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කොට්‌ඨාස දෙකකට තරග කරන බැවින් එම පක්‍ෂ දෙකේම නාමයෝජනා පත්‍ර නීතියට හා පළාත් පාලන ඡන්ද විමසීම් පනතට පටහැනි බැවින් එම පක්‍ෂ දෙකේම නාමයෝජනා පත්‍ර අවලංගු විය යුතු යෑයි ප්‍රකාශ කර ඇත.

එලෙස පළාත් සභා මැතිවරණයේදී ඡන්ද කොට්‌ඨාස දෙකකට තරග කරන්නේ නිට්‌ටඹුව රන්පොකුණ ගම අංක සී.බී. 4/16 පදිංචි හතකපුරුලාගේ හර්ෂ ලක්‌මාල් දයාරත්න නමැත්තා වන අතර ඔහු ජනසෙත පෙරමුණෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ කහටෝවිට කොට්‌ඨාසයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රන්පොකුණගම කොට්‌ඨාසයටත් තරග කරන බවට එම පක්‍ෂ දෙකේම ලැයිස්‌තුවලට ඔහුගේ නම ඇතුළත්වී ඇතැයි මෙම පෙත්සමෙන් ප්‍රකාශ කර ඇත. එය පැහැදිලිව දැන ගත්තේ ඉකුත් ජනවාරි 25 දා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අදාළ ඡන්ද ලැයිස්‌තුවෙන් බවද පෙත්සමේ සඳහන් කර ඇතැයි වාර්ථා වේ.ු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article