Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

පුළුමාචිනාතකුලම් ප්‍රදේශයේදී වෙඩිවැදී මියගිය අලියෙකු සොයාගැනේ

Must read

 

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් පොලිස් වසමට අයත් පුලිමාචිනාතකුලම් ප්‍රදේශයේ කෙතක සිටි අලියෙකු මිය ගොස් ඇති බවට හඳුනාගෙන තිබේ.වෙල්යායට පැමිණි ජනතාව විසින් මියගිය අලියා හඳුනාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ගම් සේවකයා මාර්ගයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

මේ අතර මියගිය අලියා වයස අවුරුදු 30-35 අතර වන අලියෙකු බව ඔටුට්සුට්ටාන් වනජීවී දෙපාර්තමේන්තුව තහවුරු කළ අතර වෙඩි වැදීමෙන් එම අලියා මියගොස් ඇත.

මිය ගිය අලියාගේ මරණ පරීක්ෂණය වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේ අද සවස සිදුකිරීමට නියමිත බව ඔවුහු පැවසූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article