
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
මඩකළපුව මහාධිකරණයේදී අද දින නඩුව කැදවූ අවස්ථාවේදී විනිසුරු ඩී.එස්. සූසෙයිදාසන් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.