Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පිරිමි දරුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Must read

පන්නිපිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරයෙකි.

මෙම දරුවා ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිට ඇති අතර එහිදී ටෙනිස් බෝලය අදාල වෛද්‍යවරයාගේ නිවසට වැටි ඇත. ඒ හේතුවෙන් දරුවා වෛද්‍යවරයාගේ නිවසේ පරිශ්‍රයට ඇතුල් වී ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සැකකරු විසින් වායු රයිෆලයක් මගින් දරුවාට වෙඩි තබා ඇති බවත් වාර්තා වෙයි

 තැවාල ලැබූ දරුවා රෝහල් ගත කර ඇති අතර සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමේදී භාවිතා කළ වායු රයිෆලය පොලිස් භාරයට ගෙන ඇත.

(මූලාශ්‍රය- NEWSWIRE)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article