දේශපාලන අවශ්‍යතාවන් මත පිදුරුතලාගල රක්ෂිතයට අයත් අධිසංවේදී පරිසර කලාපයක් වන ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන් හට බෙදාදීමට රජයේ සූදානමක් ඇති බැවින් එම කටයුත්ත වහාම නතර කරන ලෙස ඉල්ලමින් ලක් සොබා සංරක්ෂකයෝ සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මෙම අධිසංවේදී පරිසර පද්ධති ප්‍රදේශයේ ස්වභාවික වනාන්තර වලාකුළු මගින් නිපදවිය හැකි ජල ධාරිතාව කි.මීටර 860,000ක් පමණ වන බව ගණන් බලා ඇති බවත්, මෙම ඉඩම් පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් ලක් සොබා පරිසර සංරක්ෂකයෝ සිය ලිපියේ සඳහන් කර තිබේ.