Friday, September 20, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ද විමර්ශණ ගැන කිසිසේත් සෑහීමකට පත් වන්නේ නැහැ – අගරදගුරු හිමි

Must read

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවත් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කොළඹදී පැවසූහ.

උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ ඊයේ (18) අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය.

විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයිද, පාස්කු ප්‍රහාරය දේශපාලන වාසි වෙනුවෙන් භාවිතා කරමින් පවතින බවක්ද පෙනෙන්නට ඇතැයි අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවසූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article