Saturday, May 4, 2024

පාස්කු ඉරුදින කටුවාපිටියට පැමිණි පොලිස්පති පාස්කු වින්දිතයන්ට බඩුත් බෙදයි !

Must read

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය පාස්කු ඉරුදින කටුවපිටිය පල්ලියට ගොස් ඉටිපන්දම් පත්තු කොට පාස්කු වින්දිතයන්වද හමුවිමට කටයුතු කර තිබුණි.ඒ මිගමුව කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එ⁣රික් පෙරේරාද සමඟිනි.පාස්කු වින්දිතයන්ගේ සුවදුක් විමසා බැලු පොලිස්පතිවරයා ඒ අයට බඩු මළු කිපයක්ද බෙදාදිමට පියවර ගෙන තිබුණි.

පොලිස්පතිවරයාගේ මේ හදිසි සංචාරය ගැන කනවැටුන ක⁣ටුවාපිටිය පල්ලියේ පියමතුමන්ලා මිසම් ගෘහය වසා දමා මඟහැර ගිය බව කියන පුවතක්ද මේ අතර වාර්ථා වේ.

කෙසේ වෙතත් පල්ලිය කොයිතරම් වාරණ දමා පාස්කු වින්දිතයන්ව හමුවිමට මෙන්ම බඩු බෙදා දිමට ද පැමිණෙන අය වලක්වා ගැනිමට උත්සාහ කළද එය වැලැක්විය නොහැකි තත්වයක්ද උද්ගතව තිබිමද දැන් සැබැවින්ම සත්‍යයකි.

පාස්කු ප්‍රහාරය බලය ලබාගැනිම ඉලක්ක කරගෙන දියත් කළ දේශපාලන බල ව්‍යාපෘතියක් වුවද එයට එ⁣රෙහිව විරෝධතා වලට එක්විමටද කටුවාපිටිය පල්ලියේ ජනතාව දැන් සුදානමක් ඇති බවක් නොපෙනේ.

යුක්තිය වෙනුවෙන් යැයි බෝඩ් ලෑලි වලට පමණක් සිමාවි ඇති කටුවාපිටියේ ඇතැම් සංවිධාන වලට පාස්කු ඉරුදින ප්‍රහාරයට විරෝධය පළකරමින් පැවැත්වෙන වැඩසටහනකට ගම්වාසින් අවම තරමින් 5 දෙනෙකුවත් කැදවාගෙන ඒමට නොහැකි වි ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු මිගමුවේ සමාජ ක්‍රියාකාරිකයෙකු සිටිසන් පෝස්ට් වෙබ් අඩවිය වෙත කියා සිටියේය

තතු එසේ වුවද වඩාත් විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගැනිමට ලැබිතිබුනේ මේ ඇතමුන් පොලිස්පතිගේ පැමිණිමට එරෙහිව පල්ලිය මාර්ගයෙන් සෙනඟ පාරට බැස්සවිමට හැකිදැයි ඇතැම් පියතුමන්ලාගෙන් විමසිමටද පියවර ගෙන ඇති බවය.

පාස්කු වින්දිතයන් බැහැදැකිමට ගිය ගමනේදි ජේෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා පවසා තිබුනේ ස්පා වලටත් වඩා බරපතල ප්‍රශ්ණ තම කොට්ටාශයේ ඇති බව පිළිගන්නා බවත් ඒවාටද කඩිනමින් මැදිහත්වන බවත්ය.

මීගමුව යනු කළු සල්ලි වලින් පාලනය වන ලංකාවේ ප්‍රධාන නගරයක් ලෙසින් ප්‍රකට වි ඇති එකකි. කලින් මසාජ් පාලර් නමින් හැදින්වු දැන් ස්පා ලෙසින් ප්‍රචලිත මේ  ව්‍යාපාරය මුලික වශයෙන්ම මිගමුව තුල  ආරම්භ කරන ලද්දේ මිගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ පියෙකු විසින් බව රටම දන්නා කරුණකි,

මේ අතර පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන්  පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්  පසුගිය 2 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබුණි

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article