Saturday, January 11, 2025

පාස්කු ඉරිදා ප්‍රහාර වලක්වාගැනීමට ජනපතිට හැකියාව තිබූ බව පූජිත් පවසයි.

Must read

 

ජනාධිපති සිරිසේන විසින් සේවයෙන් ඉවත් කරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිටු 20කින් සමන්විට පෙත්සමක් මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ. මෙම පෙත්සම මගින් ඔහු අප්‍රේල් 21වනදා පාස්කු බෝම්බ ප්‍රහාර වලක්වාගැනීමට ජනාධිපති සිරිසේනට නොහැකි වූ බවට චෝදනා කර ඇත.

තවද මෙම පෙත්සම හරහා රාජ්‍ය බුද්ධි අංශය හා රජයේ හමුදා අතර ඇති සන්නිවේදන දුර්වලකම් හෙලි කර ඇති ජයසුන්දර මහතා සදහන් කර ඇත්තේ ජනපති සිරිසේන වෙත සෘජුවම වගකියන රාජ්‍ය බුද්ධි අංශය මගින් ඉස්ලාමීය ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන පොලිස් පරීක්ෂණ නවත්වන ලෙසද තමන්ට දැනුම්දුන්දී ඇති බවයි. එම ත්‍රස්ත සංවිධානයන් අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්බන්ද පරීක්ෂණද සිදුවුන බවද ඔහු සදහන් කරයි.

එලෙසම පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වානොගැනීමේ වගකීම භාරගනිමින් තමන්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන විසින් දැනුම් දුන් බවත් ඉන් පසුව රාජතාන්ත්‍රික තනතුරක් තමන්ට ලබාදෙන බවට ඔහු පොරොන්දු වූ බවත් ජයසුන්දර මහතා සදහන් කරයි. නමුත් මෙම සිදුවීම් සම්බන්දයෙන් තමන්ගේ වගකීමක් නොමැති බැවින් හා බුද්ධි අංශයේ ගැටළු සදහා තමන් වගකිවයුතු නොමැති බැවින් තම ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල බවත් ජයසුන්දර මහතා පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article