Thursday, September 17, 2026
spot_img

පාසලේදී ක්ලාන්ත වූ සිසුවෙකු මියයයි

Must read

පාසලේදී ක්ලාන්ත වීම හේතුවෙන් රෝහල් ගත කල පහලොස් හැවිරිදි සිසුවෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්ථා වෙයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ ඊයේ (12) දඹල්ල වීර මොහාන් ජයමහ විදුහලෙනි.මිය ගිය දරුවා නමින් පුබුදු මධුසංකය.

සිදුවීම සැලවීමෙන් ⁣රෝහල වෙත පැමිණි දරුවාගේ දෙමව්පියන් පවසා ඇත්තේ දරුවාට උපතේ සිට හදවතේ සිදුරක් තිබුන බවත්ඒ සම්බන්දයෙන් ප්‍රතිකාර නොකල බවත් ලබන ජනවාරි මාසයේ මෙම දරුවා මහනුවර රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණු බවත්ය.

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි . එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article