කලාප මට්ටමින් ගුරු සංචිතය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.ඔහු මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබා ගන්නා බැවින් එම කාලසීමාවේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාවයයි.