Saturday, September 21, 2024

පාරුවක් පෙරලීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට ?

Must read

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ කළපුවක පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රද්ගලයන් 9 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි ITN මධ්‍යහන පුවත් විකාශය විසින් වාර්තා කර තිබේ.

පාරුව පෙරළෙන අවස්ථාවේදී එහි පුද්ගලයන් 35 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති අතර මේ වන විට පුද්ගලයන් 17 දෙනෙකු පමණ මුදාගෙන රෝහල් ගත කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.මිය ගිය පිරිස අතර පාසැල් සිසුන් 6 දෙනෙකුද වන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

අතුරුදන්ව ඇති පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article