භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ තොගයක් වරාය මගින් වෙන්දේසි කළ අවස්ථාවේදි තමා විසින් කිලෝවක් රුපියල් තිස් එක බැගින් ත මන් මෙම ලූනූ තොග මිලදී ගත් බවත කියන ව්‍යාපාරිකයෙකු එම ලුණු තොගය අලෙවිය සදහා රැගෙන යමින් තිබියදි දඹුල්ල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල දේවහුව බුලනවැව ප්‍රදේශයේ දී තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනර් රථය සහ එම ලොරි රථය (17) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදි අදාල ව්‍යාපාරිකයා කියා සිටියේ . නරක්වී ඇති ලොකු ළූණු ඉවත්කොටඉතිරි ය ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදු කරන බව ය.
එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ මිනිස් පරිභෝජනයට සුදුසු ද නුසුදුසුද යන්න තමන්ට කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවත් කෙසේ වෙතත් බැලූ බැල්මට මෙම ලුණු නරක් වී ඇති නිසා තමා වහාම හජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඔවුන්ගේ වාර්තාවක් කැඳවන බවත් එතෙක් ලුණු තොගය සහ ලොරි රථ 2 අත් අඩංගුවට ගන්නා බවය.පසුව මෙම ලොකු ලූනූ තොග පරික්ෂාකල ගලේවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් .ඩී . දයාරත්න මහතා මෙන්ම දේවහුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව් . ඒ. අබේසිංහ දෙදෙනා කියා සිටියේ කිසිදු ආකාරයකින් මෙම ලූනූ තොග ආහාරයට ගැනීමට නුසුදුසු බවත් මේ පිළිබදව නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවය.
ඡායා- කාංචන ආරියදාස