පිපිරීම් සිදුවීම් වලින් මිය ගිය ගණන 359ක් නොව 253ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාහිංහ මහතා පවසයි. මින් පෙර සෞඛ්‍ය අංශ විසින් සිදුවූ මරණ ගණන 290ක් ලෙස ගණන් බලනු ලැබූවත් මේ වන විට මරණ සංඛ්‍යාව දල වශයෙන් 253ක් බවට තහවුරු වී ඇති බව ඒ මහතා සදහන් කරයි.
සිදුවීම් වලින් තුවාල ලැබූ පිරිස 485ක් බවත් තුවාල ලබූ පිරිසෙන් මියගියේ පුද්ගලයන් 6දෙනෙකු පමණක් බවත්ද ජාසිංහ මහතා සදහන් කලේය.
පිපිරීම් වලින් එම ස්ථාන වලදී මිය ගිය පිරිස් වල සිරුරු කොටස් වශයෙන් පැවතීම හේතුවෙන් ගණනය කිරීම් සිදුකිරීම ඉතාමත් අපහසු වූ බවත් ඒ හෙතුවෙන් ඒ අවස්තාවන් වලදී ආසන්න අගයටක මරණ සංඛ්‍යාව ඉදිරිපත් කල බවද ඒ මහතා සදහන් කරයි.