එළඹෙන පලාත් පාලන මැතිවරණය සදහා වන සියළුම ප්රචාරක කටයුතු පෙබරවාරි 7වන බදාදා දින මධ්‍යම රාත්‍රීයේ සිට නැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සියළු අපේක්ෂකයන්ට දැනුම් දෙයි.
මෙවර මැතිවරණය සදහා දේශපාලන පක්ෂ 43කින් හා ස්වාධීන කණ්ඩායම් 222කින් අපේක්ෂකයන් 57,252ක් ඉදිරිපත් වේ.ඒ අතරින් දිවයින පුරා පළාත්පාලන අයාතන 341කට සාමාජිකයන් 8356ක් තෝරා ගැනීමට නියමිතය.