Saturday, May 18, 2024

පවතින මාධ්‍ය නිදහස අවභාවිතා නොකල යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Must read

93b5be8f7d58b9a3dda42da5a23ba6c5_Lරටතුල පවතින මාධ්‍ය නිදහස වැරදි ලෙස භාවිතා නොකරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සියළුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. 1973දී ආරම්භ කල ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මේ වන තෙක් එය පිහිටවූ මූලධර්මයන් හා ප්‍රතිපත්තින්ට අනුකූලව මාධ්‍ය ක්ෂේත්‍රය තු කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පවසා ඇත. ඔහු මේ අදහස් දැක්වූයේ ඊයේ (අගෝස්තු 03) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදීයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මාධ්‍ය නිදහස හා ප්‍රේක්ෂකයන්ගේ හා පාඨකයන්ගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පුවත්පත් මණඩලය විසින් මාධ්‍යවේදීන් දැනුමෙන්,හැකියාවන්ගෙන් හා ආචාරධර්ම වලින් සන්නද්ධ කිරීම සදහා කටයුතු කරමින් සිටින අතර,මාධ්‍ය නිදහස අවභාවිතා කිරීම සදහා ඉඩ නොදිය යුතු බවත් පැවසීය.

රෙගුලාසි සහ මාර්ගෝපදේශයන්ගෙන් මාධ්‍යවේදීන් නිර්මාණය කිරීමට වඩා  ස්වයං විනයක් සහිත මාධ්‍යවේදීන් නිර්මාණය කිරීම වැදගත් බවත් ජනමාධ්‍ය ඇමතිතුමාගේ අදහසයි. නමුත් පසුගිය රජය විසින් මාධ්‍ය නිදහසට බාධා කරමින් රෙගුලාසි, චක්‍රලේඛ සහ සීමාවන්ද පනවා තිබූ බවත් ඇමතිවරයා එම අවස්ථාවේදී රැස්ව සිටින්නන්ට සිහිපත් කලේය.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article