Tuesday, September 15, 2026
spot_img

පරිසර දිනය නිමිත්තෙන් කඩොල් පැල සිටුවයි

Must read

ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් අද (5) පෙරවරුවේ මන්නාරම පෙරිය පාලම සහ තොල්ලඩි අතර මුහුදුබඩ ප්‍රදේශවල නැවත වන වගාව සිදු කරන ලදී.

මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මන්නාරම සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙසිඩෝ සමාගමේ සහය ඇතිව සංවිධානය කරන ලද අතර මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ.කනකේෂ්වරන් විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී රුක් රෝපණය ආරම්භ කළේය.

මෙම උත්සවය සඳහා දිනෝෂා කඩොලාන තවාන මගින් කඩොලාන පැල 300 ක් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට මන්නාරම නගරයේ ප්‍රාදේශීය ලේකම් එම්.ප්‍රදීප්, මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කනගරේතනම් තිලීපන්, මන්නාරම මෙසිඩෝ සමාගමේ අධ්‍යක්ෂ ජැඩ්සන් බිග්‍රාඩෝ, පරිසර වෙරළ ආරක්ෂක නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article