Monday, May 20, 2024

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ❓

Must read

අප්‍රේ.09 – මැයි 09 – ජුනි 09 – ජූලි – 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය “අරගලය” නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා අවසානයක් ඊයේ සනිටුහන් කලා 😥


දේශයේ සාරය උරා බිව් පිසාචයින් වන රාජපක්ෂලා එදා ජූලි .09 වනවිට තමන්ට එරෙහිව බුර බුරා නැගෙන ජනතා විරෝධය හමුවේ පසුබැස්සා ……

ව්‍යවස්ථාව අනුව නිල වශයෙන් ආණ්ඩුව බාර දියයුත්තේ විපක්ෂයට , උන් ඇඟ බේරාගෙන විපක්ෂයට ආණ්ඩුව බාරගන්නා ලෙස ආරාධනා කලත් බංකොලොත් ආර්ථිකයක් හා මතුවී තිබෙන දැවැන්ත ජනතා විරෝධය තුල ක්ෂණික විසඳුමක් පේනතෙක් මානයක නැතිකොට මේ කුණ්ඩවාලෙට කරගසා තමන්ගේත් තම පක්ෂයේත් දේශපාලන අනාගතය අනතුරකට දාගන්න එකෙක්වත් කැමති උනේ නෑ…

ඒක හරි සරලයි පැහැදිලියි ඒකෙන්ම පේන්නේ මුන් රට ගැන හෝ ජනතාව ගැන නොව හිතන්නේ තමා හා තමාගේ පක්ෂය ගැන බවයි….

රාජපක්ෂලා ඇතුලු පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු හැම ජඩයගේම හෘදය සාක්ෂිය දැනගෙන හිටියා මේ අසීරු මොහොත කලමණාකරනය කලහැකි එකම මිනිහා රනිල් වික්‍රමසිංහ බව.

ඔහු අභියෝගය භාරගත්තේ සැබැවින්ම ඔහුට නිපුණතාවයක් හා ආත්ම විශ්වාසයක් තිබූ බැවින් , නමුත් රාජපක්ෂලා ඇතුලු සියළු තක්කඩියන් ඔහුට ඒ ගෞරවය දෙන්න සූදානම් නෑ…..

, මුළු රටම අකර්මණ්‍ය වෙලා පෝලිම් වල දිනගනන් රස්තියාදු උන මිනිස්සුන් ඒ තැන්වලම මියගියා කියන ඛේදනීය තත්වය මේ කුහකයින් අමතක කරනවා , ජනතාව අදටත් ඉතා අසීරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා නමුත් යන්තමින් හෝ බලාපොරොත්තුවක් ගොඩනැගිලා තිබෙනවා

🤔 මේ යථාර්තය පිලි නොගෙන ජනතාව වෙනුවට තමන් ආදේශ වෙලා , අපි මේ අරගලය කරන්නේ ජනතාව වෙනුවෙන් යයි කිවුවට , සැබැවින්ම ජනතාව ඉන්නේ මුන්ගේ නරි නාටක නරඹමින් වික්ෂිප්තව ,
හැම එකාම එකිනෙකාට චෝදනා කරමින් තම තමන්ගේ පක්ෂ , සංවිධාන ගොඩ දාගන්න උත්සාහ කරනවා මිසක් ජනතාව වෙනුවෙන් විසඳුමක් නැති බව දන්නවා…

.සැබෑ ජනතා අරගලයක් හා ජනතාව වෙනුවෙන් ආදේශ වී කරන රඟපානා දඟලානා කෂ්ටිය ගැන දැන් මිනිස්සු දන්නවා….ඊයේ
” අරගලය” ට උනේ ආන්නේකයි❗

(අජිත් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article