Thursday, May 16, 2024

නොච්චිකුලම් ‌ගොවියෙකුට වෙඩිතැබිමට ඒරෙහිව ගම්වාසීන් මාර්ගය හරස්කරයි

Must read

මන්නාරම -නොච්චිකුලම් ප්‍රදේශය ප්‍රදේශයේ දී ඊයේ (20) සඳුදා පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වීී හේතුවෙන්  ගම්වාසීන් විසින්  එම මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරත වූූහ.

ඊයේ  (19) පෙරවරු 8.30 ට පමණ නොච්චිකුල ප්‍රදේශයේ ගොවියකු තම ගම්මානයේ කුඹුරට වතුර දමමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ටි 56 රයිෆලයකින් ගොවියාට වෙඩි තබා ඇති අතර ඔහු කෙසේ හෝ දිවි ගලවා ගෙන තිබේ.

පසුගිය වසර කිහිපය තුළ කිසියම් පිරිසක් මෙම ගම්මානයේ ජනතාවට පහරදී ඇති අතර මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ගම්වාසීහු පවසති.  අද සිදුවූ මෙම සිද්ධියට විරෝධය පළ කරමින් නොචිචිකුලම් ගම්වාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කළා.

‘මිනීමරුවන්ට ආයුධ දුන්නේ කවුද?’ ‘අපිව ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්’ ‘අපේ ජීවිත ආරක්ෂා කරන්න’ අපේ ජනතාවට සාධාරණයක් නැද්ද? ‘කවුද දෙන්නේ’ වැනි සටන්පාඨ ඔවුන් ඉදිරිපත් කලහ. වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින ලදි.

 

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම සහ උයිලංගුලම පොලිසිය දැඩි විමර්ශන සිදු කරයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු මන්නාරම ප්‍රධාන පාලම හරහා මන්නාරම දෙසට පැමිණෙන සියලුම වාහන සඳුදා උදෑසන සිට පොලිස් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඒස්.ආර්.ලැම්බර්ට් 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article