Monday, September 14, 2026
spot_img

නීතිවිරෝධී වැලි පටවාගත් ලොරියක් පලායද්දී පොලිසියෙන් වෙඩි

Must read

පුත්තූර් – මතුවිල් මාර්ගයේ වදරාවති ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකට පොලීසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එම ප්‍රහාරයෙන් රථය මාර්ගයට වැටී තිබෙනවා.

බදාදා (07) පෙරවරුවේ  පලෙයි ප්‍රදේශයෙන් නීතිවිරෝධී ලෙස වැලි පටවාගත් ටිපර් රථයක් මතුවිල් – පුදුර් මාර්ගය ඔස්සේ වේගයෙන් ධාවනය වන බවට කන්කසන්තුරේ  පොලිස් විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත පුත්තූර් හන්දිය ප්‍රදේශයේදී ටිපර් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතරවාරයේ ටිපර් රථයේ රියදුරු වාහනය නවත්වා නොගෙන පලාගොස් නැවත පුත්තූර් – මතුවිල් මාර්ගය හරහා පලාගොස් ඇති අතර, පොලිසිය වතරවම් ප්‍රදේශයේ දී  රථයට වෙඩි තබා ඇත.

එම්.තයාකිනී

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article