Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිශාන්ත ද සිල්වා විදෙස් ගත වෙයි ??

Must read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති නිශාන්තද සිල්වා මහතා විදෙස් ගතව ඇති බව වාර්ථා වෙයි.

ආණ්ඩු පක්ෂයේ පිරිසගේ මතය අනුව නිශාන්ත ද සිල්වා මහතා විදේශ ගතව ඇත්තේ ඔහුට එරෙහි අක්‍රමිකතා විමර්ෂණය කිරීමට ආරම්භ කිරීමට සූදානම් වීම හේතුවෙනුයි. නමුත් සෙසු පිරිසගේ මතය වන්නේ ඔහු ජීවිත ආරක්ෂව වෙනුවෙන් සිය දරුපවුලද සමග විදෙස් ගතව ඇති බවයි.

පසුගිය සමයේදී ආන්දෝලනාතමක නඩු විභාගයන් වන ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම , උපාලි තෙන්නකෝන් නඩුව, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව භාරව සිටි පොලිස් නිලධාරියා වන්නේ නිශාන්ත ද සිල්වා මහතාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article