Thursday, January 16, 2025

නිමල් ලංසාට පොහොට්ටුවෙන් කැපිල්ලක් ! වැඩකට නැති ඇමතිධුරයක් !

Must read

නව රජයේ රාජ්‍ය ඇමතිධුර සහ නියෝජ්‍ය ඇමතිධුර ලබා දිම දැන් අවසන්ව තිබේ.මේ අතර දැන් ඇත්තේ ලැබි ඇති ඇමතිධුරවල බර පිළිබදව කථා බහකි.
ඒ අතර විශේෂයෙන්ම තමන් වෙත වගකිම පැවරුන ආසන 2 කක් පරාජය කරගත් නිමල් ලංසා පිදුම් ලබා ඇත්තේ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමතිවරයා ලෙසින්ය.
එය බැලු බැල්මටම පෙනි යන්නේ ඇමතිකමක් දිය යුතුව තිබෙන නිසා දුන්නා මිසක් ඒ ඇමතිධුරය හා ලංසාට කිසිදු සම්බන්ධයක් නැති බවය.
එමෙන්ම කිසිදු බරක්ද නැති එකක් බවය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩල තේරිම අනුව නම් ලංසාට හිමිවිය යුතුව ඇත්තේ එක්කෝ ධිවර කටයුතු හා බැදුන එකකි.
නැතිනම් සංචාරක ව්‍යාපාරය හා බැදුන එකකි.
එහෙත් නිමල් ලංසාට එවැනි බරක් සහිත ඇමතිධුරයක් ලැබි නැත.
එයට සාපෙක්ෂකව ගම්පහ දිස්ත්‍රික්කයේම දිවුලපිටිය ආසනය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ වෙත ලැබි ඇත්තේ රාජ්‍ය පරිපාලන ,පළාත් සභා,හා පළාත් පාලන කටයුතු පිළිබද ඇමතිධුරයයි.
නිමල් ලංසා යහපාලන ආණ්ඩුවේ සිටියදි දැරු ඇමතිධුරය වි තිබුනේ ඉන්දික අනුරුද්ධට ලැබුන ඇමතිධුර භාගයක් තරම් එකකි.
එනම් ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන විය .
මේ අනුව පෙනි යන්නේ ගෝඨාභය රාජපක්ගේ ආණ්ඩුව තුල නිමල් ලංසා කිසියම් ආකාරයකින් කොන්වෙමින් ඇති අයුරු නොවේද ?මෙය පැහැදිලිව ගෝඨාබයගේ රජය යටතේ නිමල් ලංසාට කැපිල්ලක් ඇති බව පැහැදිලිව පෙනි යන කරුණක් බවට පත්ව තිබේ.
ගෝඨාබය යනු නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටියදි නිවස පරික්ෂා කිරිමට විශේෂ කාර්ය බලකා සෙබළුන් 100 ක් පමණ ඒවු එවකට ආරක්ෂක ලේකම්වරයා බවද අප යළිත් මතක් කර ගත යුතුව තිබේ.
එනම් ලංසා පිළිබදව ඇති පැහැදිමේ තරම මෙවර ලබාදුන් නියෝජ්‍ය ඇමතිධුරයෙන් තවත් පැහැදිලිව තිබේ.
ලංසාට සමිප ආරංචි මාර්ග දක්වන අන්දමට සැබැවින්ම ඔහු බලාපොරොත්තුව සිට ඇත්තේ අවම තරමින් කලින් දැරු ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමතිධුරයවත් ලැබේවිය යැයි කියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article