ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82 තේරිම් බාර නිලධාරීන් වශ්‍යයෙන් ඒ ඒ පළාත් වල දිසා විනිසුරුවරුන් කටයුතු කළ බවද නීතීඥ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්විණි.
අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.
කාලිංග ඉන්දතිස්ස 4702
මහින්ද ලොකුගේ 1346
කෞෂල්‍ය නවරත්න 5061
සමන් වැලිඅංග 898
lankadeepa.lk