Friday, September 20, 2024

නෑදෑ නිවසක මියගිය පුද්ගලයෙකුගේ සිරුර පැය 8ක් නිවස ඉදිරිපිට

Must read

කහවත්ත කෙටේතැන්න සදසිළුගම නෑදෑ නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙකු එම නිවසේ මිදුලේ වැටී මියගිය පසු ඔහුගේ සිරුර රැගෙන යාමට පුද්ගලයින් නොමැති වීම නිසා සිරුර පැය 8ක කාලයක් නිවස ඉදිරිපිට තබාතිබුණි.

මිය ගිය තැනැත්තා 66 හැවිරිදි අයෙකි. ඔහු මියගොස් සිටි නිවෙස බෑවුමක පිහිටා තිබීම නිසා දේහය රැගෙන යෑමට වාහනයක් එම ස්ථානය වෙත ළගාවීමට නොහැකිව මෙම තත්ත්වය උද්ගත විය. සිරුර පාගමනින් රැගෙන ඒමට ආරක්ෂිත ඇදුම් ඇති සෞඛ්‍ය සේවකයින් නොසිටි බව කහවත්ත පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

පස්වරු 3.30 ට මියගිය පුද්ගලයාගේ සිරුර නිවෙසින් රැගෙන යනවිට මැදියම් රාත්‍රී 12 .20 පමණ විය.

දේහය ඔසවාගෙන ඒමට පුද්ගලයින් නොමැතිවීම නිසා කහවත්ත පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙක් මීටර් 500ක් දුර මාර්ගයක කර තබාගෙන පැමිණියහ. රෝහල් සේවකයෝ දෙදෙනෙක් ද ඊට සහාය වුහ.

එම පුද්ගලයා අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති පැලියගොඩ සිට ඔහුගේ සොහයුරියගේ කහවත්ත කෙටේතැන්න සදසිළුගම නිවෙසට 16දා දහවල් පැමිණ තිබේ.ඔහු කහවත්ත සමරකන්ද පදිංචි අයෙකි.

කොරෝනාඅවධානම් කලාපයක සිට පැමිණි බැවින් කොරෝනා යැයි සැක සහිත බැවින් මියගිය පුද්ගලයාගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා අද අලුයම රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම පුද්ගලයා හදිසියේ රෝගි වු අවස්ථාවේදී එම නිවෙසට පැමිණි අසල්වාසී පුද්ගලයින් සිව්දෙනෙකුගේ නිවාස, කෙටේතැන්න පිහිටි වෙළදසැල් දෙකක්ද, ත්‍රිරෝද රථ රියදුරෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීයෙක් පැවසීය.

අදාල පුද්ගලයා පෑලියගොඩ සිට කෙටේතැන්නට බස් රථයකින් පැමිණ ඇති බවට කරුණු අනාවරණය කරගත් අතර ආරක්ෂිත කැමරා පරීක්ෂාකර බස් රථය හදුනා ගැනීමට නියමිත බව පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

(Lankadeepa)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article