Monday, December 23, 2024

නැෆ්සෝ මඩකලපුව සම්බන්ධීකාරක යළිත් ප්‍රශ්ණ කෙරේ .

Must read


මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ අපරාධ වැලැක්වීමේ ඒකකය විසින් මඩකලපුවේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන පුන්නියාමූර්ති සසිධරන් මහතා ප්‍රශ්න කිරීම සදහා පසුගිය 23 වනදා කැඳවා තිබේ.

මෙම ප්‍රශ්න කිරීම සදහා පදනම් වී ඇත්තේ 2020 වසරේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී මියගිය ඉන්දීය ධීවරයින් සඳහා මඩකලපුවේදී උපහාර උළෙලක් පැවැත්වීමයි.

මියගිය ඉන්දියන් ධිවරයින් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි. මේ සම්බනධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ප්‍රශ්න කිරිම සඳහා එක් වතාවක් තමාව කැඳවූ අතර එම පරීක්ෂණය අවසන් කර ඇති තත්ත්වයකදී නැවතත් ප්‍රශ්න කිරීම සඳහා තමන්ව කැඳවීම ගැටළු සහගත බව සසිධරන් මහතා පවසයි.
සසිධරන් නැෆ්සෝ මඩකලපු දිස්ත්‍රික් සම්බන්ධිකාරක ලෙස වසර 8 ක් පමණ සේවය කරමින් සිටි.

ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස කටයුතු කර පුන්නියාමූර්ති සසිධරන් මහතා මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article