Friday, September 20, 2024

නැගෙනහිරින් ඇරඹුන කළු පටි විරෝධයේ තෙවන දිනය අදයි !

Must read

නිදහස් දින සමරුමට සමගාමිව දමිල හා මුස්ලිම් ජනයා මෙන්ම වතුකරයේ ජනතාවටද මුහුණ දි ඇති ප්‍රධාන ප්‍රශ්ණ  ගණනාවක්ද මුල්කොට ගෙන දින 3 ක් පුරා ක්‍රියාත්මක විමට නියමිත විරෝධතාවය පසුගිය 03 වනදා  පෙරවරුවේ පොතුවිල් නගරයෙන් ආරම්භ වි තිබුනේ ඇද හැලුන මහවැසි පවා නොතකමිනි.
මෙම විරෝධාතා පාගමන පොතුවිල් වලින් ආරම්භ වි පොලිකැන්ඩි දක්වා යාමට නියමිතව තිබේ.
මෙම විරෝධාතා ගමනේ දෙවන දිනය වු ඊයේ මඩකලපුව හරහා ත්‍රිකුණාමලට ලගාවි තිබුනි.
ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා ගමන් අරඹන මේ විරෝධතා ගමනේ තෙවෙනි දිනය අදයි

සුළුතර ජනයාගේ  ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වීම, මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම සහ උඩරට ජනතාවට රුපියල් දහස් ගණනක වැටුප් ඇතුළු විවිධ ප්‍රශ්ණ ගණනාවක් මුලික කොට ගෙන මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබේ.
මේ අතර  සමස්ත ලංකා මහජන කොංග්‍රස් (ඒසීපීසී) නායක රිෂාඩ් බතියියුඩීන්, අරගලයට සහයෝගය දක්වන ලෙස මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා තිබෙන බවද වාර්තා වන අතර මුස්ලිම් ප්‍රදේශ හරහා ගමන් කරමින් තිබුන මේ විරෝධාතවයට මුස්ලිම් ජනයාද එක්ව සිටි බව එහි සිටින වාර්ථාකරුවෝ ප්‍රකාශ කරති
මේ අතර අද අරුණ පුවත් පත වාර්තා කර තිබුනේ නිදහස වර්ජනය කර පෙළපාලි ගිය සුමන්තිරන්ලාට නඩු දමන බවය.
මෙරට සුළු ජනකොටස්වලට ඇති නිදහසේ තරම අරුණ පුවතෙන් කදිමට ප්‍රකාශ කොට තිබේ

නැගෙනහිරින් ඇරඹුණ කළුපටි විරෝධයේ 3 වෙනි දිනය (විඩියෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article