Saturday, May 11, 2024

නාමල් කුමාරගේ රංගනය සහ කුමන්ත්‍රණය ගැන ඇමති රංජිත් කියන කථාව ! ( වීඩියෝ )

Must read

ranjith-madduma-bandaraජනාධිපති ඝාතන තැතක් බව කියමින් නාමල් කුමාර සිදුකළ රංගනය ව්‍යවස්ථා විරෝධීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ධුරයෙන් ඉවත් කිරීමේ සහ නීති විරෝධී අගමැතිවරයෙකු පත්කර ගැනීමේ කුමන්ත්‍රණයේ කොටසක් මිස අන් කිසිවක් නොවන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

voice tube වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියි.

නාමල් කුමාර විසින් පළමුව මාධ්‍ය හමුවක් පවත්වමින් සහ දෙවනුව පැමිණිල්ලක් සිදුකරමින් මේ ගැන ප්‍රසිද්ධ කළ බවත් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පූර්ණ ස්වාධීන විමර්ශනයක් සිදුකල බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහිදී නාමල් කුමාර ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ඝාතන ඉලක්ක බව පවසමින් හඬපට 124ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති නමුත් එම හඬපට කිසිවක ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෝ සූදානමක් ගැනවත් සඳහන් නොවන බවද අමාත්‍යවරයා පවසයි.

ඒ පිළිබඳ විමර්ශන කණ්ඩායම් විමසූ අවස්ථාවේ අදාළ හඬපට මකා දමා ඇති බව නාමල් කුමාර පැවසූ බවත් මකන ලද හඬපට නැවත ගැනීමේ තාක්ෂනය මෙරට නොමැති බැවින් ඒ පිළිබඳ විදෙස් රටක සහය ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කරන්නට රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
newstube.lk/voicetube

අමාත්‍යවරයා සිදුකල සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article