මීලග මැතිවරණය සදහා භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේ පිරික් කල ඉල්ලීමක් හේතුවන් ඒ සම්බන්දයෙන් සමාජය තුල කථාබහක් නිර්මාණය විය.
කෙසේ වෙතත් මේ වන විට ක්‍රියාකාරී දේශපාලන කටයුතු කරන භික්ෂූන්වහන්සේ පිරිසක් විසින් එලෙස තමන්ට නාමයෝජනා හිමි නොවන්නේනම් වෙනත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් පවතින බව වාර්තා වෙයි.
මේ සම්බනදයෙන් පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සදහා මේ වන විට දේශපාලනය කරන හා කල භික්ෂූන් වහන්සේ පිරිසක් සහභාගී වු බව ශ්‍රිලංකා මිරර් ාාබ්ව අඩවිය වාර්තා කර සිටියි.