නානකාමර උපාංග ආනයනය තාවකාලිකව තහනම් කරමින් නිකුත් කල ගැසට් නිවේදනයට අනුමැතිය ලබාදීම මගින් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුව ඇත්දැයි යන්න පිළිබදව අධ්‍යනය කිරීම සම්බන්දයෙන් මුදල් කාරකසභාවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ඒ සම්බන්දයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල්කාරකසභාව විසින් මුදල් අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් මුදල්කාරකසභාව පසුගිය 01වනදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අවධානය යොමුව ඇත.