මෙවර ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි. ඉදිරි දින 21 තුල ඒ මහතා සිය ස්ථාවරය හා වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්ථා වෙයි.
ඉදිරි මැතිවරණය හුදෙක් මැතිවරණයක් පමණක් නොව රටේ සමස්ත ක්රමයම වෙනස් කරන මැතිවරණයක් බවත්,එමගින් රටේ ඉරණම තීරණය කෙරෙන බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා නව පාලනයක් හඳුන්වාදෙන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියේදී රට හමුවේ තැබීමට තමා සූදානම් බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.