Tuesday, January 7, 2025

නලින්ද ඇමතිතුමනි, ඔබ රටේම සෞඛ්‍ය ඇමති ! කතා කරන්න අනුරගෙන් ඉගෙන ගන්න

Must read

නලින්ද ජයතිස්ස ඇමතිවරයා කියන කතාවෙ හරය වැරදි නෑ. ලංකාව පුරා සෞඛ්ය ක්ෂෙත්රයේ වෙන ඉදිකිරීම් සහ මිලදීගැනීම් එක තීරණයකට මධ්යගත සැලැස්මකට වෙන්න ඕන. එහෙනම් මේ නැගෙන මහා විරෝධය කුමක්ද ? ඒක තේරුම් ගන්න බැරි සමහර පාක්ෂිකයොත් ඉන්න බව පේනව. ඒ තේරුම් ගන්න බැරි හෝ බෑ වගෙ ඉන්න කොටස තමා මිනිස්සුන්ගෙ හැඟීම් සහ විශ්වාස !

ඔහු ඒ කතාවෙදි කියනව “එක එක්කෙනාගෙ හිත උණු වුණා කියල වැඩ කරන්න බෑ” කියල…

නලින්ද මහත්තයෝ, Donation එකක් කියන්නෙ Sentimental වැඩක්. හැඟීම් සමග කෙරෙන වැඩක්. Donation වෙන්නෙම හිත උණු වෙන හින්දම තමයි. ඔබ හිතන් ඉන්නව නම් දාන Donation එකක් අමාත්යාංශයට දාන්න, අපි ඒව සැලසුමකට කරගන්නම් කියල එතනම වැඩේ ලොස්. මිනිස්සු එහෙම donation කරන්නෙ නෑ. අමාත්යාංශයක වගකීමම ඒ Donation එක හරි විදිහට දෙන මිනිහටත් කැමති විදිහට කලමණාකරණය කරන එක !

⁣ඔබ මේ කතාව කරන සිද්ධියම බලන්න. මහරගම අපේක්ෂා රෝහලට මිනිස්සුන්ගෙ හැඟිම් සමග බැඳීමක් තියෙනව. ඒ හැඟීම නිසා තමයි මිනිස්සු Donation එක දෙන්නෙ. එහෙම දුන්න කියල බස්නායක නිලමෙ හිතුමනාපෙට බිල්ඩිමක් ගැහුවෙ නෑ. ලංකාවෙ කිසිම තැනක ඇටමිදුලු බද්ධ කිරීමෙ ඒකකයක් නෑ. එහෙනං ඒකට මහරගම ඇර වෙන තැනක් සුදුසුද ? සුදුසුයි. එහෙනං ඔබ ඔය කියපු කතාව ඔය තැනට ගැලපෙන්නෙ නෑ. කතරගම දෙවියොන්ට පින් සිද්ධ වෙන්න මිලියන එකසියහැත්තැහයක් ඔබේ අමාත්යාංශයට ඉතුරුයි. ලංකාවට තිබ්බ අවශ්යතාවයකුත් සම්පූර්ණයි. ඔබට තියෙන්නෙ ඔය ඉතිරි වෙච්ච මුදල ඔබේ ඔය”මධ්යගත සැලසුමේ” තියෙන වෙන Project එකකට දාන්න නේද ?

ඔබ ඔය කතාවෙම කියනව “බිල්ඩිම හදල ගියාට පස්සෙ දොස්තරල ඉල්ලල මිනිස්සු උද්ඝෝෂණය කරනවලු” ඒකට අවශ්ය දොස්තරල ටික ඉතිරි පහසුකම් ටික හදල දෙන එක නෙවෙයිද ඔබේ වගකීම. ඔබ දැන් රටේ සෞඛ්ය ඇමති !

ඔබ තවදුරටත් කියනව “තිස්තුන්කෝටියක් දෙයියන්ට වඩා අමාත්යාංශයට සල්ලි තියෙනවලු” සහතික ඇත්ත ! ඒක ඔතන නොකිව යුතු මහන්තත්ත කතාවක් !

එහෙමනම් අද වැඩට යනගමන් ළමා රෝහලට ගිහින් “හැම වාට්ටුවකම” පාහේ ගහල තියෙන O/S බෝඩ් ටික බලන්න. ඔබ දන්නවනෙ O/S කි⁣යන්නෙ Out of Stock. ඒව නෑ. ඒව මිනිස්සු Donation කරනව. ඕවගෙ වැඩ කරන දොස්තර මහත්තුරු නෝනල ඒව ගෙනත් දෙනව. අමාත්යාංශයට සල්ලි තිබීමයි මහපොලොවෙ යතාර්ථයයි අතර ලොකු දුරක් තියෙනව ඇමතිතුමෝ….

මීට පස්සෙවත් සභාවක කතාකරනකොට ඔතන ඉන්නෙ කවුද කියල බලන්න. ඔබේ අමාත්යාංශයෙ ඉහල නිලධාරීන් එක්ක කියන්න ඕන “මධ්යගත සැලසුම්” වගේ කතා මේ හාමුදුරුවරු, බස්නායක නිලමෙල එකතුවෙලා කතරගමට ගිය මිනිස්සු දීපු පඬුරු සල්ලි එකතු කරලා කතරගම දෙවියන්ට පින් පිණිස කරපු මහා පරිත්යාගයක් ඔබට භාර දෙන සභාවක කරන්න යන්න එපා. ඒක ගැලපෙන්නෙ නෑ. එහෙම කරන්න හි⁣තෙන්නෙ ඇයි කියල මට උපකල්පනයක් තිබ්බත් මං ඒක කියන්නෙ නෑ…

ඔබ විශ්වාස නොකරට ඔබ පිළි නොගත්තට මිනිස්සුන්ගෙ හැඟීම්වලට විශ්වාසයන්ට ගරු කරන්න ඉගෙන ගන්න. කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න. ඔබේ ජනාධිපතිවරයාගෙන් ඒ ගැන ඉගෙන ගන්න.

හැම මිනිහම එකතු කරගෙන වැඩ කරන්න ඉගෙන ගන්න. ඒකට ඔයිට වඩා ස්මාට් වෙන්න වෙයි…

ඔබ දැන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී නෙවෙයි.

ඔබ දැන් රටේම සෞඛ්ය ඇමති !

( නයන සංජිවගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article