Sunday, December 22, 2024

නයිජීරියානු සරණාගත කදවුරකට වැරදීමකින් බෝම්බ ප්‍රහාරයක්..??

Must read

නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ මෙහෙයුමකදී නයිජීරියානු ගුවන් හමුදාවේ යානයක් විසින් වැරදීමකින් එරට සරණාගත කදවුරකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරය නිසා සරණාගත පුද්ගලයන් 100කට අධික පිරිසක් මරණයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. එරට උතුරු නැලෙනහිර මායිමේ කැමරුන් දේශසීමාව අසන්නයේදීයි මේ අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ.

මේ ප්‍රහාරයෙන් සරණාගත පුද්ගලයන්ට අමතරව වෛද්‍යවරුන් මෙන්ම රතුකුරුස සංවිධානයේ නිලධාරීන් කිහිප දෙනෙක්ද මියගොස් තිබෙනවා.  මේ අවාසනාවන්ත සිදුවීම නිසා කම්පනයට පත්වූ පිරිස් මෙන්ම තුවාල ලැබූ විශාල පිරිසක් වෙත අවශ්‍ය සියළුම වෛද්‍ය ආධෘර සැපයීමට තම වෛද්‍ය කණ්ඩාය් මෙන්ම කැමරුන්හි වෛද්‍ය කණ්ඩායම්ද සූදානම් බවත් නයිජීරියානු හමුදාව පවසනවා.

මෙම සිදුවීම පිලිබදව අදහස් දක්වන නයිජීරියානු හමුදා ප්‍රකාශවරයෙකු සදහන් කරන්නේ තම හමුදාව කිසි විටක සිතා මතා සිවිල් වැසියන් ඉල්ලක කර ගනිමින් ප්‍රහාර එල්ල නොකරන බවයි. නමුත් ඒ සම්බන්දයෙන් පරීක්ෂනයක් කිරීමටද සූදානම් බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

nigeria-camp-bombing

20170118001294604549-minihighres-1d156aui9j6br4q8ln2_fct467x350x74.0_ct620x465

http://www.skynews.com.au ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article