Friday, December 27, 2024

ධර්ම යුද්ධය ආරම්භ වෙලා – බාහු

Must read

මේ වන විට රට තුළ දර්ශනයන් දෙකක් මුල් කර ගනිමින් ධර්ම යුද්ධයක් ආරම්භ වී ඇති බව යුද විරෝධි විප්ලවවාදී වාමාංෂික නායකයකු පවසයි.

ඉන් එක් කොටසක් ඒකාධිපති ආකාරයට හොඳ රාජ්‍යයක් නිර්මාණය කල හැකි බව විශ්වාස කර ෆැසිස්ට්වාදී අදහසේ ගමන් කරන බවයි නව සම සමාජ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

ආණ්ඩු මාරුවකින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදව බිහි කල නොහැකි අතර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගිමේදී නිරතුරුවම දියුණු ජනතා බලපෑමක් උඩ ගෙන යන සමාජයක් අවශ්‍ය බව නව සම සමාජ පක්ෂ නායකයා පෙන්වා දෙයි.

වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදි ගමන ජනතා බලපෑම මත ඉක්මන් කල හැකි බවට විශ්වාසය පල කරන ඔහු වැරදි දේ කවුරුන් කලද වැරදි බව අවධාරණය කර සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදි අරගලය හරහා වත්මන් රජයට බලපෑම් කල හැකි බව පවසන නව සම සමාජ පක්ෂ නායකයා ජනතාව අවධියෙන් සිටි නම් එම සටන ඉදිරියට යන බව වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

 

 

උපුටාගැනීම – http://www.radiogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article