Sunday, January 12, 2025

ද.ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දස්කම් – පදක්කම් සටහනේ තෙවන තැනට

Must read

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නගරයේදී දෙසැම්බර් මස 01වනදා ආරම්භ විය.

ඊයේ එනම් තරගාවලියේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය. එහිදී රන් පදක්කම් 2ක් , රීදී පදක්කම් ක් හා ලෝකඩ පදක්කම් 9ක් චිනා ගැනීමට සමත්ව තිබිණි. දෙවන දිනය අවසන් වන විට වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමි කරගැනීමට ටයිකොන්ඩෝ ක්‍රීඩා කණ්ඩායම සමත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව දිනගත් පළමු රන් පදක්කම දිනා ගැනීමට ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත් සමත් විය. එමෙන්ම ඉසුරි සුහාරා මෙන්ඩිස් හා රනුක ප්‍රභාත් වයස අවුරු 17 -23ත්අතර  ටයිකොන්ඩෝ මිශ්‍ර පූම්ස් ඉසව්වෙන් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව තවත් රිදී පදක්කම් 3ක්  හා ලෝකඩ පදක්කම් 4ක් ද ටයිකොන්ඩෝ ඉසව්  වලින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීමද විශේෂත්වයකි.

කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් ද්විත්වයම තවත් ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමි කර දීමට සමත් විය.  තමන් සහභාගී වූ ප්‍රථම සාක් තරගාවලියේදීම කාන්තා කරතේ කණ්ඩායම ලෝකඩ පදක්කමක් හිමි කරගැනීමට සමත් වූ අතර පිරිමි කරාතේ කණ්ඩායම ලකුණු 2ක තියුණු පරාජයක් සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

එසේ තරගාවලියේ දෙවන දිනය අවසන් වන විට සම්පූර්ණ පදක්කම් 15ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article