Friday, September 20, 2024

දෙහැවිරිදි දියණියට හා පියාට දිවි අහිමි කල රිය අනතුර

Must read

ගලගෙදර පොලිස් වසමේ මහනුවර – කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුවේ දී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (23) රාත්‍රී 9.30ට පමණ සිදුවූ මෙම අනතුරේදී
කුරුණෑගල දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කාර් රථයක් මතට පෙරළීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු කාර් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 5 දෙනෙක් හා කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර හා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 2ක් වන දියණිය හා වයස අවුරුදු 36ක් වන ඇයගේ පියා ය.ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

අනතුරට ලක්වූ අනෙක් රථය මව විසින් පදවා ඇති අතර එහිද කුඩා දියණියක් සිට ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article