Friday, November 22, 2024

දෙමාපියන් ඉදිරියේම පොලීසියෙන් පහරකෑ තරුණයා පසුදා මියයයි

Must read

ඊයේ 2 වනදා මඩකලපුවේ ඉරුදයපුරම් ග්‍රාමයේ ජිවත්වූ 21 හැවිරිදි තරුණයෙකු පොලිස් පහරදීමකින් මියගොස් තිබේ. දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වන චන්ද්‍රන් විදූෂන් ඊයේ රාත්‍රී ආහාරය ගෙන නිදාගැනීමට සැරසුන බවත් , එම අවස්ථාවේදී ඔහුට මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඔහු අවදී වූ බවත් පියා පවසයි. පසුව එම ස්ථානයට සිවිල් ඇදුමින් සැරසී පැමිණී මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඔහුට නිවසේදීම පහරදී තිබේ. පසුව මෙම තරුණයාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (3) අළුයම දෙමව්පියන්ට පවසා ඇත්තේ  පවසා ඇත්තේ විදූෂන් මියගොස් ඇති බවයි.  මෙය පොලීසිය විසින් සිදුකළ ඝාතනයක් බව දෙමාපියන් චෝදනා කරන අතර ඉදිරි පරීක්ෂණ කටයුතු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා විසින් එරාවුර් පොලීසියට බාරදී තිබේ.

 

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article