Friday, May 17, 2024

දෙමළුන්ට තර්ජනය කරන මේ හාමුදුරුවන්ට ICCPR ඔට්ටු නැද්ද ??

Must read

මඩකලපුවේ ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියාන් රාසමානික්කම් සමග ප්‍රසිද්ධියේ හැප්පෙමින් සිටින චීවරධාරී අම්පිටියේ සුමන අද බරපතල මෙන්ම ද්වේශ සහගත ප්‍රකාශයක් සිදුකරන ලදී.
ඒ දකුනේ දෙමලුන්ව සිංහලයන් විසින් කපා කපා දැමිය යුතු බවයි. මෙම චීවරධාරියා වසර ගණනක් පුරා දෙමළ,මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි ආගමිකයින්ටද පරිභව කරමින් චන්ඩි පාට් දමමින් සිටියි.  පසුගිය කාලයේ නැගෙනහිර ආන්ඩුකාරවරයාටද අභියෝග කරමින් නුසුදුසු ආකාරයෙන් හැසිරෙන ලදී.

 

පසුගිය කාලයේදී ICCPR පනත පාදක කරගනිමින් සාහිත්‍යකරුවන් වන සක්තික කුමාර , අෆ්නාෆ් ජසීෆ් වෛද්‍ය සාෆි වැනි පුද්ගලයින් දන්ඩනයට ලක් කරන ලදී. එහෙත් ඔවුන් එම පනත යටතේ සිදුකළ වරද අදටත් ඔප්පු කරගැනීමට හැකිවී නොමැත. ජාතීන් අතර කැළඹීමකට තුඩුදිය හැකි ප්‍රකාශන හෝ ක්‍රියා සිදුකිරීමේ චෝදනා යටතේ පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් කලාකරුවන් නිදහස් මතධාරීන් බොහෝමයකගේ ක්‍රියාකලාපයන් මහජන කැළඹීමක් ඇති කිරීමට තරම් සහේතුක නොවුවාට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නම් රාජ්‍ය තන්ත්‍රය බලාපොරොත්තු වූ ආකාරයට කැලඹීමක් ඇතිකිරීමට සමත්විය. බොහෝ අවස්ථා වලදී සමාජයට මතයක් පලකළ ලේඛකයෙකු මේ පනත යටතේ කොටු කිරීමට උත්සාහා කළාට ඊට සපුරාම අන්තවාදී ලෙස ජාතිවාදය,වෛරය වැපිරීමට උත්සාහා දරන චීවරධාරීන්, හා පුද්ගලයන්,දේශපාලකයන් හට මේ පනත බලපාන්නේ නැත්තේ ඇයි ?
මඩකලපුවේ ජීවත්වන සුප්‍රසිද්ධ චීවරධාරියෙකු මේ දිනවල හැසිරෙන ආකාරය බෞද්ධ සදාචාරයට මෙන්ම සිංහල සංස්කෘතියටද පරිහානියකි. ඔහු නමින් අම්පිටියේ සුමන යැයි නම් දරා සිටියි. ඔහු සිදුකළ බරපතල ප්‍රකාශය සම්බන්දයෙන් ඉහල නිලධාරීන්ට වාර්තා වී ඇති බවත් වාර්තා වෙන අතර ඔහු වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වී නිසි පියවර ගැනීම ජාතීන් අතර සංහිදියාව වෙනුවෙන් ගතයුතුම පියවරකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article