Saturday, May 18, 2024

දුම්රිය ගැටළු විසදන්න විශේෂ සාකච්ඡාවක් අද : අමතර දුම්රිය 8ක් ධාවනයට

Must read

වැටුප් විශමාතවයන් විසදන ලෙස ඉල්ලමින්පසුගිය 24 වනදා ආරම්භ කල දුම්රිය වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් සේවය අතහැරගියා සේ සලකා ලිපි නිකුත් කිරීම පසුගියදා සිදු විය.

එසේ ලිපි නිකුත් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු වර්ජනයේ නිරතව සිටි දුම්රිය සේවකයින් පිරිසක් නැවතත් සේවය සදහා වාර්ථා කර තිබූ අතර අමතර දුම්රිය 8ක් ධාවනය කිරීමට එමගින් හැකිවී තිබිණ. නමුත් ජනතාවට සිදුවන අපහසුතාවයේ අඩුවක් දැක ගැනීමට නොහැකි විය.

අද (04දා) දිනයේදී වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එහිදී පිළිගත හැකි විසඳුමක් ලැබුණහොත් දුම්රිය වර්ජනය නවතා දැමීමට සැලසුම් කර ඇති බව වාර්ථා වෙයි.

එමෙන්ම දින කිහිපයක් තිස්සේ පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04) දිනයේදි විශ්‍රාමලත් දුම්රිය රියදුරු මහතෙකු විසින් උදෑසන 7.20ට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමේ පුවතක් වාර්තා වෙයි.එම දුම්රියේ දුම්රිය නියාමකවරයෙකු වෙනුවට දිස්ත්‍රික් පරීක්ෂක ( D T I) වරයෙකු ධාවනයට එක්ව ඇති බව වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article