බත්තරමුල්ල දියවන්නා ඔයේදී ඔරුවක් හා බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වෙයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමට ගිය දෙදෙනෙකි.මෙම පුද්ගලයන් දෙදෙනා පොල්දූව පාලම යටින් දමා ඇති ආරක්ෂිත දැල ඉවත කොට පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුල්ව ඇති අතර එහිදී එම කලාපයේ ආරක්ෂාවේ යෙදී සිටි බෝට්ටුවක් ඔරුව සමග ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇත. අනතුරෙන් එක් පුද්ගලයෙකු දිවි බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇත. මෙලෙස අතුරුදහන්ව ඇත්තේ බුත්ගමුව ප්රදේශයේ 26 හැවිරිදි දෙදරු පියෙක