Monday, May 20, 2024

දර කැඩීමකට ගොස් අතුරුදන්වූ තරුණිය දින 5කට පසු සොයාගැනේ

Must read

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් ඉකුත් (05) වනදා සිට අතුරුදහන්ව සිටි  26 හැවිරිදි තරුණිය නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු  සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.

ඇය ජෙයබාලන් කර්පුගධාරණි නැමති (26) හැවිරිදි නුවරඑලිය වත්තපහල කොටසේ පදිංචි තරුණියකි

නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින් මෙන්ම නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදහන් තරුණිය සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර යුද හමුදා නිලධාරින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද මෙම සිදුවීම සම්බන්දයෙන් දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා  නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශවාසින්ද නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ සිදු කල මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයගෙන ඇත.

රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑලිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

(ඡායාරූප – ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article