Friday, September 20, 2024

දයාසිරි පොලිසියෙන් බේරයි ! උතුරු නැගෙනහිර පෙළපාලි ගිය 500 කට නඩු දානවලු ?

Must read

අධිකරණ නියෝග නොතකා පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පෙළපාළි ගිය දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලකයන් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයන් පන්සියයකට අධික පිරිසක් හඳුනාගෙන ඇතැයි එම පළාත්වල උසස් පොලිස් නිලධාරීහු අවධාරණ ඇති බව අරුණ පුවත් පත වාර්තා කොට තිබේ

එහි තවදුරටත් සදහන් වන්නේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා ජාතික පෙරමුණ නියෝජනය කරන එම්.ඒ සුමන්තිරන්, රාසමානික්කම් චානක්‍යන්, සිවඥානම් ශ්‍රීධරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, චාල්ස් නිර්මලනාදන්, තවරාසා කලයිඅරසන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වරාජා ගජේන්ද්‍රන්, සී.වී.විග්නේෂ්වරන් මෙන්ම යාපනය නගරාධිපති මනිවන්නන් ද සිටින බවය.
එමෙන්ම  ඉලංකයි තමිල් අරසු පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරේ සෙසු දේශපාලකයන් වන එම්.කේ. සිවාජිලිංගම්, ආනන්දි ශෂිතරන්, ශ්‍රීකාන්තා, ඇතුළු පිරිස් ද මේ අතර වන බවද අරුණ පුවතේ සදහන්වේ

මේ අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති දයාසිරි ජයසේකරගේ මුලිකත්වයෙන් පෙබරවාරි 04 වෙනිදා යාපනයේ පැවැති නිදහස් දින පෙළපාලියට හෝ රැස්විමට පොලිසිය විසින් බාධා කරමින් අධිකරණ නියෝග ගෙන නොතිබුණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article