Friday, September 20, 2024

දමිළ මුස්ලිම් ජනතාවගේ ඒකාබද්ධ විරෝධාතාව ජවිපේ මාධ්‍යවලටද මඟඇරුනේ ඇයි ?

Must read

දින 5 ක් පුරාවට දැවැන්ත ජනසභාගිත්වයක්ද සමගින් ඉදිරියට ඇදෙන දමිල මුස්ලිම් සහෝදරත්වයේ විරෝධතා ගමන දකුණේ බොහොමයක් මාධ්‍ය වලට පුවතක් නොවිම අප තේරුම් ගන්නේ කෙසේද ?
රාජපක්ෂ ආණ්ඩුවේ මතවාදය වෙනුවෙන් පෙනි සිටින බොහොමයක් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය මේ ගැන යම් හෝ සදහන් කර තිබුනේ දකුණේ ජනතාවද නොමඟ යවන පුවත් පළකරමිනි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මාධ්‍යවලද මේ ගැන අවදානයක් යොමුවි නොතිබිම ගැන දකුණේ ප්‍රගිතිශිලි ක්‍රියාධරයන්ගේද විමතියට ලක්ව තිබේ.ඔවුන් විසින් පවත්වාගෙන යන ප්‍රධාන වෙබ් අඩවි වලද මේ දැවන්ත අරගලය ගැන අවදානයක් යොමුකර තිබුන බවක් නොපෙනේ .මෙය අහම්බයක් නොවන බවද ජවිපෙ එදා සිටම නියෝජනය කරන දේශපාලන මතවාදයේ තවත් දිගුවක් බවද දැනටමත් විවේචන එල්ලවන්නට පටන් ගෙන තිබේ.
වතුකරයේ එක් දින අරගලය ගැනත් ලියු පින්තුරද  පළකළ ජවිපෙද ඇතුළු දකුණේ විකල්ප මාධ්‍ය බොහොමයකට දින 5 පුරා දිවෙන දමිල මුස්ලිම් සහෝදරත්වයේ විරෝධතා ගමන අඩුම තරමින් ප්‍රවෘත්තියක්වත් නොවි තිබිම කැපි පෙනුනි

කෙසේ වෙතත් දකුණේ නිදහස් කොඩි ඔසවද්දි අතුරුදන් වු පවුල්වල ඥාතිහු කියා සිටියේ පෙබරවාරි 04 වෙනිදා යනු ඔවුන්ට කළු දිනයක් බවය.
ආරක්ෂක ලේකම්වරයා නිදහස් උළෙලදා ජාතික ගීය සිංහලෙන් පමණක් බව කියද්දි , ජනාධිපතිවරයාද සිංහල බෞද්ධ මතවාදයම ඔසවා තබද්දි   දෙමළ බස කථාකරන ජනයා  ඔවුන් පිඩාවට පත්කර ඇති ප්‍රධාන ප්‍රශ්ණ ගැන හඩ නගමින් දින 5 ක් පුරාවට ගමනේ යෙදෙති.
මගදෙපස රැස්වන ජනයාගෙන්ද මේ අරගලයට ලැබුනේ නොමද ආදරයකි.
ඡායා – කිලිනොච්චි සිවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article