වසර 15කට පෙර අද වැනි දවසක දකුණේ විදි වල කිරිබත් උයාගෙන හන්දි හන්දි ගානේ ජයඝෝෂා නැගු යුද සැමරුම් වල හංගපු , කවුරුත් කතා නොකරපු ම්ලේච්ජ ඇත්ත තමයි , අදුරු ලේ තැවරුන අශෝබන කතාව තමයි,ජයග්‍රහණය සැමරුවේ දෙමළ ජනතාව කී දාහක් සමූල ඝාතනය කරලද කියන එක.
යුද්ධය අවසන් කිරිම වෙනුවෙන් සිදුකරපු අවසාන මෙහෙයුම් දියත් කරපු මැයි මාසය තුළ දමිළ ගැහැනු ,මිනිසුන්,දරුවන් කි දාහක් කුසගින්දරේ, තුවාල වේදනා එක්ක දින ගණන් ගතකරන්න ඇතිද? පසුගිය දිනවල උතුරේ හන්දි හන්දි ගානේ කැඳ බෙදලා සැමරුවේ ඒ අවසාන දුෂ්කරම මොහොතේ කන්ඩ නැතිව ,හිස්වෙච්ච,තුවාල වෙච්ච කුස් පුරවපු කැඳ බොමින් ගතකරපු දුක්ප්‍රාප්තිය තමයි. දමිළ ජනතාව 30 අවුරුද්දක් යුද්ධය තුළ සිරකරලා ගෙවපු ඒ වන්දියට සාධාරණයක් ඉටුකරගන්න බැරිව ගිය දකුණේ ආණ්ඩු, ඒ මිනිස්සුන්ගේ වේදනාව සමරන එකත්, මර්ධනය කළා , ඉතාම නින්ඳිත විදිහට. යුද ජයග්‍රහණ සමරන්න දකුණට පුලුවන් නම් යුද්ධයේ වේදනාව, අහිමිවිම සමරන්න උතුරට බැරිද ?
ඒ අවසාන දවස් වල නන්දිකඩාල් කලපුවෙන් ආපු දමිළ ජනතාව මෙන්ම අවසාන සටනේදී දිවිදුන් සියලූම සටන්කාමීන්ව සමරලා දමිළ අම්මලා , තාත්තලා අද පාන්දර ආගමික වතාවත් පැවැත්වුවා. අහිමි වෙච්ච දරුවන්ට ,ස්වාමිපුරුෂයින්ට,බිරින්දෑවරුන්ට, සහෝදර ,සහෝදරියන්ට ගෙනාපු ආහාර පූජා , මල් ඔවුන් මුදේ පා කරලා හැරියා. දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ජිවිතය පූජා කළ කිසිවෙකු දෙමළ ජනයා අමතක නොකරනු ඇති බවට ඒ මල් සාක්ෂි වනු ඇති.